අකුරේගොඩ වෙඩි තැබීමට ඇල්ලූ සහෝදරයින් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට
ගැනුණු සහෝදරයන් දෙදෙනා අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දින දක්වා රඳවා තබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දෙනු ලැබුවා.

සැකකරුවන් දෙදෙනා කොට්ටාව ප්‍රදේශයේ දී ඊයේ (16) පස්වරුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන සහ මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !