අකුරේගොඩ වෙඩික්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ මෝටර් රථයක් තුළ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (21) අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

පසුගිය 13 වනදා තවත් වෙඩික්කරුවෙකු සමඟ මෙම වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයට පලා ඇවිත් මිතුරෙකුගේ නිවසක නැවතී යාබද කුරුඳු ඉඩමක වැඩකරමින් සිටියදී ඊයේ (21) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වල දී ඔහු අදාළ ඝාතනය සිදුකළ බවට පිළිගත් බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

දැඩි මත්ලෝලියෙකු වන මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කරන්දෙණියේ සුද්දා සමඟ සෘජු සබදතා පවත්වා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

නීතීඥවරයා සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය කරන්දෙණියේ සුද්දා දුරකථනයෙන් තමන් අමතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

ඝාතනයෙන් අනතුරුව කරන්දෙණියේ සුද්දා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් සහ මත්ද්‍රව්‍ය ලබාදුන් බවට ද සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?