අකුරේගොඩ වෙඩික්කරුවන් පැමිණි බවට සැක ගිනිගත් මෝටර් රථය රජයේ රස පරීක්ෂක පරීක්ෂාවට

බද්දේගම, අගලිය ප්‍රදේශයේ දී ගිනිතබා තිබිය දී හමු වූ, අකුරේගොඩ ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන මෝටර් රථය පරීක්ෂා කිරීමට අද (17) පෙරවරුවේ රජයේ රස පරීක්ෂක නිලධාරීන් පැමිණ තිබෙනවා.

තලංගම පොලිස් වසමේ පසුගිය 13 වනදා සිදුවූ මෙම වෙඩි තැබීමේ වෙඩිකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය බද්දේගම, අගලිය, කුට්ටියාවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබිය දී 13 වනදා රාත්‍රියේ සොයා ගත්තා.

ඒ, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?