අකුරණ ගැන හදිසි ඇමතුම් අංශයට අසත්‍ය තොරතුරු දුන් මවුලවි රිමාන්ඩ්

අකුරණ මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට සාවද්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සැකකරු ලබන මැයි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ හාරිස්පත්තුව ප්‍රදේශයේදී යි. සැකකරු මෙලෙස අසත්‍ය තොරතුරු ලබාදීමට හේතුව මෙතෙක් පැහැදිලි වී නැහැ.

21 හැවිරිදි සැකකරු මුස්ලිම් මවුලවිවරයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

පොලිස් පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර මවුලවිවරයා සොයා ගැනුණේ ඔහු ලබා දුන් ඇමතුම් විශ්ලේෂණයෙන් අනතුරුවයි.

පසුව සැකකරු සිටින ස්ථානය සොයා ගැනීමට පොලිසියට හැකි වූ අතර ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසු හාරිස්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

රාමසාන් උත්සවයත් සමග බැතිමතුන් විශාල පිරිසක් අකුරණ නගරයේ මෙන්ම අනෙක් ප්‍රදේශවල ද වැඩි වශයෙන් ගැවසෙන බැවින් සැකකරුගේ මෙම දුරකතන ඇමතුමත් සමග එම තොරතුරේ සත්‍යතාව තහවුරු කර ගන්නා තෙක් අදාළ ප්‍රදේශ වෙත විශේෂ පොලිස් සහ යුද හමුදා ආරක්ෂාවක් ද ලබාදීමටයි පියවර ගැණුනේ.

අනතුරුව පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදු කළ කඩිනම් විමර්ශනයේදී හෙළි වූයේ මෙම තොරතුරුවල කිසදු සත්‍යතාවක් නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?