අකුරණ ගැන හදිසි ඇමතුම් අංශයට අසත්‍ය තොරතුරු දුන් මවුලවි රිමාන්ඩ්

අකුරණ මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට සාවද්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සැකකරු ලබන මැයි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ හාරිස්පත්තුව ප්‍රදේශයේදී යි. සැකකරු මෙලෙස අසත්‍ය තොරතුරු ලබාදීමට හේතුව මෙතෙක් පැහැදිලි වී නැහැ.

21 හැවිරිදි සැකකරු මුස්ලිම් මවුලවිවරයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

පොලිස් පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර මවුලවිවරයා සොයා ගැනුණේ ඔහු ලබා දුන් ඇමතුම් විශ්ලේෂණයෙන් අනතුරුවයි.

පසුව සැකකරු සිටින ස්ථානය සොයා ගැනීමට පොලිසියට හැකි වූ අතර ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසු හාරිස්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

රාමසාන් උත්සවයත් සමග බැතිමතුන් විශාල පිරිසක් අකුරණ නගරයේ මෙන්ම අනෙක් ප්‍රදේශවල ද වැඩි වශයෙන් ගැවසෙන බැවින් සැකකරුගේ මෙම දුරකතන ඇමතුමත් සමග එම තොරතුරේ සත්‍යතාව තහවුරු කර ගන්නා තෙක් අදාළ ප්‍රදේශ වෙත විශේෂ පොලිස් සහ යුද හමුදා ආරක්ෂාවක් ද ලබාදීමටයි පියවර ගැණුනේ.

අනතුරුව පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදු කළ කඩිනම් විමර්ශනයේදී හෙළි වූයේ මෙම තොරතුරුවල කිසදු සත්‍යතාවක් නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04