AFC Banner
Empty Ad
Empty Ad

අකුණු සැරයක් තරුණ ජීවිතයක් බිලිගනී

අකුණු සැර වැදීමෙන් බලංගොඩ, ගොඩකුඹුර ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (24) සවස් කාලයේ අකුණු සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තරුණයා නිවසේ සිටිය දී අකුණු සැර වැදී ඇති අතර, පසුව ඔහු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය පිළිබඳව බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?