දශක ගණනාවක යුද බිමේ අත්දැකීම් අලලා, හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් රචනා කරන ලද ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ කෘතිය, අද (28) නෙළුම් පොකුණ රඟහලේ දී එළිදක්වනු ලැබුවා.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ ජනාධිපති රනිල් වික්රමසිංහයි.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දශක ගණනාවක් යුද බිමේ මුහුණ දුන් අත්දැකීම් මේ ග්රන්ථය රචනා කර තිබෙනවා.
යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, එවකට ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා පවසා සිටියේ තමා මෙම යුද්ධය ඊළඟ යුද හමුදාපතිවරයාට භාර නොකරන බවයි.
එම පොරොන්දුව හා එය ක්රියාත්මක කිරීමට ගත් ක්රියාමාර්ග අලලා රචනා කළ ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ කෘතිය එළි දැක්වුනේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති උත්සවයකදීයි.
මෙහිදී හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ ග්රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
























ඇත්තටම ඔහු වීරයෙක්
වීරයෙක් .ජාතියේ පුනාමය එතුමාට පිරි නැමිය යුතුයි.
ජය වේවා ප්රියංග
ජය වේවා රට බේරාගත් වීරයානනි
How much price of this book.
Weldone need to read.
I Respect S F
සමස්ත දේශයම ණයගැති වීරෝධාර රණවිරුවාණෙනි, ඔබ ශ්රී ලංකාවේ කසිකබල් දේශපාලනයෙන් ඉවත් වන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏
Highly respected FM. Sir, you deserve thanks every day for your service to our country and nation.
Rata kaapu evunta wada rata dinavapu GENARAL rata vinayaanukoolava paalanaya kireemata sudusui kiyanne kavuda ?? like ekkak daagena yamuda ape Rana viruvanuth samaga
Respect sir.
So proud of you sir.