ළමා අපචාරවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම සහාය දෙන බව විපක්ෂ නායක කියයි

රජයේ වගකීම දත්ත ඉදිරිපත් කිරීම නොව ළමා අපචාර මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වර්තමාන සමාජයේ ළමා හිංසනය, අතවර, අපචාර, තර්ජන ගර්ජන දැවැන්ත ඛේදවාචකයක් වී ඇති අතර රජයේ බලධාරීන් පවා ළමා අපචාර ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන පවා ඉදිරිපත් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් මෙවැනි අපචාරකරුවන්ට ලිහිල් දඬුවම් ලැබී අවසානයේ රජයේ බදු මුදලින් ඔවුන් සිරගෙයි නඩත්තු වන බවත් එබැවින් මෙකී ළමා අපචාර අප සමාජයෙන් මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ගෙන විත් නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරමින් ආරක්ෂක අංශ සවිබල ගැන්විය යුතු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා. ඊට අමතරව පවතින නීති සංශෝධනය කරමින් දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

යුගයේ මානුෂීය මෙහෙයුම ලෙස ළමා අපචාර මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ යොදා ගත යුතු අතර ඒ සඳහා විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබා දෙන බැවින් දත්ත පමණක් ඉදිරිපත් නොකර දැඩි නීති රීති ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

ඔහු මෙම අදහස් පළ කළේ අද අවිසාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.

වසරකට අවස්ථා දෙකකදී විදුලි බිල සංශෝධනය කරන බවට රජය පොරොන්දු වුවත් 3 වැනි වතාවටත් විදුලි බිල සංශෝධනය කර සියයට 500කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත් මේ හේතුවෙන් බහුතරයක් ජනතාව අසරණ වී ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

පාලකයන්ට මිනිසුන් විඳින දුක නොතේරෙන බවත් විදුලි බිල වැඩි වීම නිසා ආහාර සහ අධ්‍යාපනය සදහා පවුලක් වෙන් කර ඇති මුදල් පවා අඩු වී ඇති බවත් රට කෙතරම් බංකොලොත් වුවත් ජන දුක සම්බන්ධයෙන් අවබෝධයක් පැවැතිය යුතු වුවත් එවැනි අවබෝධයක් රජයට නොමැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52