Empty Ad
AFC Banner
Empty Ad

හෝමාගම පොලිසිය කාලගෝට්ටියක් වෙයි

තමන් විසින් පවත්වාගෙන යන ආයතනයක සේවකයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ විමසීමට හෝමාගම පොලිසියට ගිය අවස්ථාවේ දී පොලිසිය විසින් තම සැමියාට සහ සේවකයින් තිදෙනෙකුට අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි ව්‍යාපාරික කාන්තාවක් චෝදනා කරනවා.

නමුත් පොලිසිය පවසන්නේ හෝමාගම නගරයේ බීමත්ව කලහකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පසුව ව්‍යාපාරිකයෙකු ඇතුළු සිව් දෙනෙකු එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි බව ද හෝමාගම පොලිසිය පවසනවා.

එහිදී, ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව, දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසන පොලිසිය සඳහන් කරන්නේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම, සැකකරුවෙකු පැහැර ගැනීමට තැත් කිරීම සහ බලහත්කාරය පෑම යන ‌චෝදනා මත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස ද පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තම ව්‍යාපාරික ස්ථානයේ සේවකයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් දැනගැනීම සඳහා හෝමාගම පොලිසියට ගිය අවස්ථාවේදී, ප්‍රහාරයට ලක් වූ බව සිද්ධියට මුහුණ දුන් තරුණයින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?