හෝමාගම පොලිසිය කාලගෝට්ටියක් වෙයි

තමන් විසින් පවත්වාගෙන යන ආයතනයක සේවකයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ විමසීමට හෝමාගම පොලිසියට ගිය අවස්ථාවේ දී පොලිසිය විසින් තම සැමියාට සහ සේවකයින් තිදෙනෙකුට අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි ව්‍යාපාරික කාන්තාවක් චෝදනා කරනවා.

නමුත් පොලිසිය පවසන්නේ හෝමාගම නගරයේ බීමත්ව කලහකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පසුව ව්‍යාපාරිකයෙකු ඇතුළු සිව් දෙනෙකු එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි බව ද හෝමාගම පොලිසිය පවසනවා.

එහිදී, ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව, දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසන පොලිසිය සඳහන් කරන්නේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම, සැකකරුවෙකු පැහැර ගැනීමට තැත් කිරීම සහ බලහත්කාරය පෑම යන ‌චෝදනා මත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස ද පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තම ව්‍යාපාරික ස්ථානයේ සේවකයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් දැනගැනීම සඳහා හෝමාගම පොලිසියට ගිය අවස්ථාවේදී, ප්‍රහාරයට ලක් වූ බව සිද්ධියට මුහුණ දුන් තරුණයින් පවසනවා.

  1. හෝමාගම පොලිසිය මේ වාගේ වැඩ කරනවා.කහ ඉරෙන් මාරු වුණ කෙනෙකුට වරද පටවලා කුඩු ගංජාදාල දවස් 14ක් හිරේ දාන්න හදපු සාජන්ට විරුද්ධව පොලිස්පතිට දාපු පැමිණිල්ලට මාස එක හමාරක්.තවම විමර්ශන නෑ.

  2. කොහොමත් පොලිසියකින් මහජනතවට ගිහින් උන්ගෙන් සිදුවුනු වැරැද්දක් ගැන ප්‍රශ්න කරන්න බැ.. එහෙම අහපුවම උන් දෙන පිලිතුරු තමයි ඔය.
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඔන්න ඔවට තමයි .
    කාලකන්නි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20