spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෝටල් කාමරයක බරපතළ තුවාල ලබා සිටි පෙම්වතිය මිය යයි

ඉකුත්දා (02) එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී පෙම්වතාගේ ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව සිටි කෘෂි විද්‍යා පිළිබඳ උපාධිධාරිනියක වූ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණිය පෙරේදා (10) රාත්‍රියේ මිය ගොස් තිබෙනවා.

පෙම්වතියට පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

පහරකෑමට ලක්වූ පෙම්වතිය වෙනත් තරුණයකු සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගනිමින් මේ පහරදීම සිදුවී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති අතර මෘත දේහය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?