තෙල්දෙණිය සිද්ධියේ සැකකරුවන්ට රදවාගෙන ප්‍රශ්න කිරිමට අවසර

නුවරඑළිය සංචාරක නිකේතනයක දී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකරිය අද (25) දින නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන්ව පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරිමට කළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරිය විසින් එම සැකකරුවන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරිමට නියෝගකර තිබෙනවා.

මෙසේ නුවරඑලිය පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රීයාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක නැමති 35 හැවිරිදි සැකකාරිය සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු 49 හැවිරිදි වන ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ යන අයටයි.

ප්‍රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ල වත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල
නුවරඑලිය පොලිසිය වෙත (24) දින භාර දෙනු ලැබුවා.

ඝාතනය සහයෝගය දැක්වු කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36