UNICEF නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියව හමුවෙයි

ළමුන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ආචාර්ය Najat Maalla M’jid ඇතුළු UNICEF නියෝජිත පිරිස අද (25) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම, මෙන්ම දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කෙරුණා.

මෙහිදී අග්‍රාමාත්‍යතුමිය UNICEF සංවිධානය විසින් ඩිට්වා සුළි කුණාටු ආපදා තත්වය හමුවේ ලබාදුන් සහාය මෙන්ම අධ්‍යාපන හා පූර්ව ළමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දරුවන්ට එරෙහිව සිදුවන හිංසනය වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම අරමුණු කරගත් වැඩසටහන් සඳහා ලබාදෙන සහයෝගය පැසසුමට ලක් කළා.

ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබුණද, එම ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අභියෝගයක් බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කරනු ලැබුවා.

ළමා ආරක්ෂණ සම්බන්ධයෙන් මෙම ක්ෂේත්‍රයේ ආයතනික ධාරිතාව සහ මානව සම්පත් සම්බන්ධ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ළමා ආරක්ෂණය සම්බන්ධ වගකීම් දරන ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

ළමා ආරක්ෂණ සේවා සැපයීමේදී අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර හරහා ඉටු කරන කාර්යභාරය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය විශේෂයෙන් අවධාරණය කළා.

ළමා ආරක්ෂණ පද්ධතිවල පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීම සඳහා අදාළ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව UNICEF නියෝජිත පිරිස අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු කළ අතර විශේෂයෙන්ම, දරුවන්ට සිදුවන හිංසන සහ අපයෝජන වාර්තා කිරීමටත් අවශ්‍ය සහාය ලබාගැනීමටත් පැහැදිලි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි යාන්ත්‍රණයක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ළමා ආරක්ෂණය තහවුරු කිරීමේදී උපදේශන සේවා, අවදානම් තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම, අපයෝජන හෝ හිංසනයට ලක් වූ බවට ලක්ෂණ හඳුනාගැනීම, සවන් දීම සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම Dr. Najat Maalla M’jid මහත්මිය මෙහිදී පෙන්වා දුන් අතර දරුවන්ට එරෙහිව අන්තර්ජාලය හරහා සිදුවන හිංසනය සහ අපයෝජන වැළැක්වීමේ අවශ්‍යතාව මෙන්ම ඩිජිටල් පරිසරයන් තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වුණා.

මෙම අවස්ථාවට ළමුන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ආචාර්ය Najat Maalla M’jid, UNICEF ශ්‍රී ලංකා නියෝජිත Emma Brigham , ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් හා නිලධාරීන් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර - මෙන්න ඔබ නොදුටු දර්ශන
01:48
Video thumbnail
ත්‍රීවිල්කාරයෝ කියලා අපිව කොන් කරලා ඉන්නේ - රංගිරි දඹුලු ත්‍රීරෝද රථ සංගමය කළ උතුම් පිංකම
03:09
Video thumbnail
නාවලපිටියේ දුන්න අපූරු කොත්තු දන්සල - කොත්තු කන්න කට්ටිය දිගු පෝළිම්වල
01:56
Video thumbnail
අධිකරණ ඇමති සමඟ සාකච්ඡාවෙන් පසු නීතිඥ සංගමයේ සභාපති - ජනපතිට කියලා අපිට කියනවා කිව්වා
04:17
Video thumbnail
හිටපු SLC සභාපතිගේ දේහය අවමංගල්‍යය පෙරහැරෙන් රැගෙන ගිය අයුරු - සමුදෙන්න ඩඩ්ලිත් එයි
04:02
Video thumbnail
මම අපරාජිත දේශපාලකයෙක්..ඔයාලට පිං - මෛත්‍රිපාල ගැම්මට කිව්ව කතාව
02:42
Video thumbnail
මෛත්‍රී අපූරුවට බණ කිව්ව හැටි.."ළමයි Phone අරගෙන වෙන ඒවට ඇඟිලි ගහන්නේ.."
06:23
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40