හෙට පොහොට්ටුව අනුරාධපුර යද්දී ජනපති ප්‍රමුඛ මාලිමාව පොළොන්නරුවට

‘අපේ ආණ්ඩුව’, ‘වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ, පොළොන්නරුව දිස්ත්‍රික්කය මූලික කරගනිමින් හෙට (12) දිනයේ රැලියක් සංවිධානය කර තිබෙනවා.

පොළොන්නරුව, දීප උයන පරිශ්‍රයේ දී මෙම රැලිය පැවැත්වීමට නියමිත අතර, මෙම ජන රැලි මාලාවේ, ”ගොවි රැලිය” ලෙස හෙට දිනයේ පවත්වන මෙම රැලිය, ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, හෙට (12) පස්වරු 04.00 ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම හෙට (12) දිනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනුත් අනුරාධපුරයේදී ජන රැලියක් සංවිධානය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධනය කර තිබෙන මෙම රැලිය හෙට (12) අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05