හෙට දින ජනතා අයිතියට පැවරෙන සුන්දර “පෝට් සිටි ඇවිදින මංතීරුව”

පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව හෙට (09) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයක් සහ රුවල් ඔරු ධාවන තරගයක් සමඟින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව හෙට දිනයේදී විවෘත කිරීමට සමගාමිව පවත්වනු ලබන සැමරුම් උත්සවයේ ප්‍රධාන අංග දෙකක් ලෙස සැලකිය හැකිවේ.

දින කිහිපයක් ඇතුළත මහජනතාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට අලුතින් ඉදිකරන ලද අඩිපාර ඔස්සේ පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුවට පිවිසිමට අවස්ථාව උදාවෙනු ඇත.

අලුතින් ගොඩ කරන ලද භූමියට අයත් කිලෝමීටර් දෙකක වෙරළ තීරය දෙවන අදියරේදී මහජනතාව සඳහා විවෘත කෙරෙන බවයි ව්‍යාපෘති භාර සමාගම සඳහන් කර සිටින්නේ.

මේ අතර සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පෝට් සිටි හි සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් පිරීම සහ දෙරට අතර ඓතිහාසික ‘රබර් සහල් ගිවිසුම’ අත්සන් කර වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25