හෙට දිනයේ දී දිවයිනේ ප්‍රදේශ රැසකට කාලගුණයෙන් බලපෑම්

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට (14) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි. මී 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.

මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02