හීලෑ අලි ඇතුන් අතර බරවා පැතිර යාමේ අවධානමක් – 50 % කට ඇස් රෝග

මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිර යාමේ අවධානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.

මේ හේතුවෙන් දළඳා පෙරහැරට සම්බන්ධ වී සිටින අලි ඇතුන් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයට ලක්කරන බව ද ඔහු පැවසුවා.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගි වී සිටින අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම වෙනුවෙන් අද (27) පැවති විශේෂ පශු වෛද්‍ය සායනයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළා.

මීට අමතරව ක්ෂය රෝග පරීක්ෂාවකට ද හීලෑ අලි ඇතුන් ලක් කරන බවත්, දැනට සිටින හීලෑ අලි ඇතුන් අතරින් 50 % කට පමණ ඇස් රෝග තිබෙන බවත් ඔහු පැවසුවා.

මේ අතර දැනට සිටින සිටින හීලෑ අලි ඇතුන් බහුතරයක් වයස් ගත නිසා ඔවුන් ඉතා ඉක්මනින් රෝගවලට ගොදුරු වීමේ අවධානමක් ඇතැයි ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

සෑම දිනකම පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීමට පෙර අලි ඇතුන්ගේ ශරීර සෞඛ්‍ය පරීක්ෂාවට ලක් කරන බවත්, එහි දී කිසියම් හෝ අසනීප තත්ත්වයක් දක්නට ලැබුණහොත් එම සතුන් පෙරහැරින් ඉවත් කිරීමට කටයුඉතු කරනවා.

දේවාල පරිශ්‍රයකට ගොස් බැලුවහොත් එලෙස ඉවත් කළ අලි ඇතුන් දැකගැනීමට හැකි බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09