හිටපු සුරාබදු කොමසාරිස්ට විදෙස්ගත වීමට අවසර

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පුද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණ අවසර ලබා දුන්නා.

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අවසරය ලබා දුන්නා.

ඉකුත් පාලන සමයේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කොට ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අතර එහිදී හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් තමා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍ය ව තිබෙන බවත් ඒ අනුව ජනවාරි මස 22 වනදා සිට පෙබරවාරි මස 28 වනදා දක්වා කාල සීමාව තුළ තම සේවාදායකයාට විදේශගත වීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පෙත්සම ඉදිරිපත් කළ බලපත්‍ර ලත් මත්පැන් හල් හිමියන් විසින් විරෝධය පළ කළේ ද නැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමට අවසර දෙන බව විනිසුරු මඩුල්ල නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21