හිටපු පෙම්වතා ගෙදරටම ඇවිත් 16 හැවිරිදි පෙම්වතිය ඝාතනය කරලා

ගම්පොළ පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (14) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක දැරියක්.

ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්වූ දැරිය සහ අපරධය සිදුකළ සැකකරු සමඟ කලක් ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

අපරාධය සිදුකළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ද මිල්ලගහමුල ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 28ක අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40