හිටපු ජනපති මහින්ද ඇල්ලේ ගුනවංශ හිමි හමුවෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේදී ඇල්ලේ ගුණවංශ හිමි හමුවී සාකච්ඡා කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සහ ගුණවංශ හිමි අතර කතා බහ පැයකට ආසන්න කාලයක් පැවති බවයි.

මෙම සාකච්ඡාවේදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ කියා සිටියේ නැවත වරක් විදුලි බිල වැඩි කිරීම අසාධාරණ බවයි. එමෙන්ම විහාරස්ථාන ඇතුලු ආගමික ස්ථානවල ද විදුලි බිල සීඝ්‍ර ලෙස වැඩි වී ඇති අතර මෙවැනි අවස්ථාවක මැති ඇමතිවරුන් ඒ වෙනුවෙන් තම වැටුප හෝ ප්‍රදානය කිරීමට කටයුතු නොකරන්නේ ඇයි ද යන්න උන්වහන්සේ විමසීමක් කළා. රටේ ජනතාව මෙවැනි ප්‍රශ්න හමුවේ දැඩි අපහසුතාවවෙන් සිටින බැවින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවයි ඇල්ලේ ගුණවංශ ප්‍රකාශ කළේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට නාමල් රාජපක්ෂව පත් කරන්නේ ද නැත්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් නොමැති අතර ජනතාව තවමත් පක්ෂය සමග සිටින බැවින් ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05