හැකර්වරුන්ගේ ඩොලර් කොල්ලය ගැන විවිධ පුද්ගලයින් අසත්‍ය පුවත් නිර්මාණය කරනවා – නියෝජ්‍යය ඇමති අනිල් ජයන්ත

මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් පාර්ශ්වයක් අතට පත්වීම සිද්ධිය පිළිබඳව විවිධ පුද්ගලයින් වැරදි සහගත ප්‍රවෘත්ති නිර්මාණය කරමින් යන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍යය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.

මහජනතාව නොමඟ යැවීමට සහ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම අසත්‍ය පුවත් නිර්මාණය කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම වංචාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට අදාළ විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මෙම සිදුවීම පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු මහජනතාව වෙත ඉදිරිපත් කළ නොහැකි බවත්, මහජනතාවට තොරතුරු ඉදිරපත් කළ හැක්කේ සිදුකරන පරීක්ෂණවලට බාධාවක් ඇති නොවෙන ආකාරයෙන් බවයි ඔහු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39