හයිලෙවල් මඟේ තරගෙට බයික් රේස් පැද්ද එකොළහක් පොලිස් අත්අඩංගුවට

හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පිරිසක් අද (19) අලුයම් කාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

යතුරුපැදිකරුවන් 11 දෙනෙකු සහ ඔවුන්ගේ යතුරුපැදි මහරගම පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් මහරගම, පන්නිපිටිය, කොට්ටාව, ඇරැව්වල සහ පිළියන්දල යන ප්‍රදේශවල අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවනන් බව සඳහන්.

මෙම තරුණයින් යතුරුපැදි වලින් හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය හංදියේ සිට ටන්කබෝඩ් හංදිය දක්වා තරඟයට යතුරුපැදි ධාවනයේ දී ඇති බවයි වාර්තා වන්නේ.

119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිස ගංගොඩවිල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?