හයිලෙවල් මඟේ තරගෙට බයික් රේස් පැද්ද එකොළහක් පොලිස් අත්අඩංගුවට

හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පිරිසක් අද (19) අලුයම් කාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

යතුරුපැදිකරුවන් 11 දෙනෙකු සහ ඔවුන්ගේ යතුරුපැදි මහරගම පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් මහරගම, පන්නිපිටිය, කොට්ටාව, ඇරැව්වල සහ පිළියන්දල යන ප්‍රදේශවල අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවනන් බව සඳහන්.

මෙම තරුණයින් යතුරුපැදි වලින් හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය හංදියේ සිට ටන්කබෝඩ් හංදිය දක්වා තරඟයට යතුරුපැදි ධාවනයේ දී ඇති බවයි වාර්තා වන්නේ.

119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිස ගංගොඩවිල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48