හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් නැහැ – ජනපති

හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම ඊයේ (05) හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් හිදිසි නීතිය පැනවීමට සිදු වූ බවයි.

ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේ දී යම් යම් නීති පැනවීමට සිදුවෙන අතර, එහිදී හදිසි නීතිය අවශ්‍ය බව ජනාධිපතිවරයා වැඩි දුරටත් එහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය ‘සර්ව පාක්ෂික පාලනයක්’ ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40