spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් නැහැ – ජනපති

හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම ඊයේ (05) හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් හිදිසි නීතිය පැනවීමට සිදු වූ බවයි.

ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේ දී යම් යම් නීති පැනවීමට සිදුවෙන අතර, එහිදී හදිසි නීතිය අවශ්‍ය බව ජනාධිපතිවරයා වැඩි දුරටත් එහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය ‘සර්ව පාක්ෂික පාලනයක්’ ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?