කුරුණෑගල දෙමටළුව පදිංචිව සිටි ප්‍රනීත් බණ්ඩාර මාරක රිය අනතුරකට මුහුණ දුන්නේ වීරඹුගෙදර-කළුගමුව මාර්ගයේදී.
ඒ අනතුරෙන් ප්‍රනීත්ගේ හිසට බරපතල තුවාල සිදුවී ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළා.
ප්‍රනීත්ගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් සැමගේ අපේක්ෂාවන් බිඳ දමමින් ඔහු අවසන් ගමන් ගියා.
වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ අනතුරෙන් ප්‍රනීත්ගේ මොලයේ සෛල මියගොස් ඇති බවයි
තම දරුවාගේ විපත තේරුම් ගත් ප්‍රනීත්ගේ පියා ඔහුගේ මතු ජිවිතයට වටිනා යමක් එක් කරන්න තීරණය කළා.
ඒ තම පුත්‍රයාගේ හදවත,පෙනහළු,අක්මාව,වකුගඩු සහ අක්ෂි පටල අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කිරීම.
ප්‍රනීත් බණ්ඩාර සිප්සතර හැදෑරීමට මුලින්ම පා තබන්නේ වයඹ රාජකීය විද්‍යාලයටයි.
එහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වන ප්‍රනීත් කුරුණෑගල මලියදේව විදුහලට ඇතුලත් වනවා.
ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද විශිෂ්ට සමාර්ථ නවයක් ලබා උසස්පෙළ ජීව විද්‍යාව හැදෑරුවා.
නමුත් ඔහුගේ ඒ හැකියා සියල්ල පරදා මාරයා දිනුවා.
ප්‍රනීත් ගිය ත්‍රිරෝද රථය කන්ටේනරයක ගැටී අනතුරට ලක්වුණා.
ඒ මොහොතේ ප්‍රනීත් සමග ගිය ඔහුගේ මවත් අනතුරෙන් මිය ගියා
ප්‍රනීත් මියගිය බව ඇත්ත..නමුත් ඔහුගේ හදවත තවමත් ජීවමානව ගැහෙනවා, ඒ හදවත තවත් මිනිසෙකු ජිවත් කරනවා.



