හදවත මිහිපිට තබා ජිවිතයෙන් සමුගත් ප්‍රනීත්

කුරුණෑගල දෙමටළුව පදිංචිව සිටි ප්‍රනීත් බණ්ඩාර මාරක රිය අනතුරකට මුහුණ දුන්නේ වීරඹුගෙදර-කළුගමුව මාර්ගයේදී.

ඒ අනතුරෙන් ප්‍රනීත්ගේ හිසට බරපතල තුවාල සිදුවී ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළා.

ප්‍රනීත්ගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් සැමගේ අපේක්ෂාවන් බිඳ දමමින් ඔහු අවසන් ගමන් ගියා.

වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ අනතුරෙන් ප්‍රනීත්ගේ මොලයේ සෛල මියගොස් ඇති බවයි

තම දරුවාගේ විපත තේරුම් ගත් ප්‍රනීත්ගේ පියා ඔහුගේ මතු ජිවිතයට වටිනා යමක් එක් කරන්න තීරණය කළා.

ඒ තම පුත්‍රයාගේ හදවත,පෙනහළු,අක්මාව,වකුගඩු සහ අක්ෂි පටල අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කිරීම.

ප්‍රනීත් බණ්ඩාර සිප්සතර හැදෑරීමට මුලින්ම පා තබන්නේ වයඹ රාජකීය විද්‍යාලයටයි.

එහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වන ප්‍රනීත් කුරුණෑගල මලියදේව විදුහලට ඇතුලත් වනවා.

ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද විශිෂ්ට සමාර්ථ නවයක් ලබා උසස්පෙළ ජීව විද්‍යාව හැදෑරුවා.

නමුත් ඔහුගේ ඒ හැකියා සියල්ල පරදා මාරයා දිනුවා.

ප්‍රනීත් ගිය ත්‍රිරෝද රථය කන්ටේනරයක ගැටී අනතුරට ලක්වුණා.

ඒ මොහොතේ ප්‍රනීත් සමග ගිය ඔහුගේ මවත් අනතුරෙන් මිය ගියා

ප්‍රනීත් මියගිය බව ඇත්ත..නමුත් ඔහුගේ හදවත තවමත් ජීවමානව ගැහෙනවා, ඒ හදවත තවත් මිනිසෙකු ජිවත් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47