සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
වෛද්‍යවරයෙකු වන බී. ඒ. රත්නපාල විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් හෝ බන්ධනාගාර ඇඳුමින් සැරසී, මාංචු දමා මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.
ඊට අමතරව, බන්ධනාගාර රීතිවල 156(2) වගන්තිය මඟින් අවසර දී ඇති සීමාව ඉක්මවා උන්වහන්සේගේ රුව ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම, සංසරණය කිරීම, බෙදාහැරීම හෝ ඒ සඳහා අවසර ලබාදීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
