හිටපු ජනාධිපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ තිබෙනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා එහි පැමිණ ඇති බවයි වාර්තා වුණේ.