Empty Ad
AFC Banner
AFC Banner

හඟුරන්කෙත සඳළුගේ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

මිටියකින් හිසට සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය හඟුරන්කෙත තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි සැකකරුවන් අටදෙනා අද දිනයේ මහනුවර පොලිසියට භාර වී තිබෙනවා.

මෙලෙස පොලීසියට භාර වූ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු අටදෙනා මතුරට, රිකිල්ලගස්කඩ සහ උඩවත්තකුඹුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 63ත් අතර වයස්වල පසුවන්නන්.

සැකකරුවන් වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඊයේ (26) රාත්‍රියේ 200කට ආසන්න පිරිසක් පැමිණ හඟුරන්කෙත පොලිසිය අසළ කලහාකාරී ලෙස හැසිරුණා.

එහිදී එම පිරිස පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට සිදු වුණේ අහසට වෙඩි තැබීමටයි.

ඉඩමක හිමිකාරීත්වය පිළිබඳ ඇති වූ ආරවුලක් හේතුවෙන් පසුගිය 21 වැනිදා, 23 හැවිරිදි සඳළු සන්තුෂ් නැමැති තරුණයාට පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබුණා.

මෙම තරුණයාගේ මුහුණට මිරිස් කුඩු ගසා හිසට මිටියකින් පහරදී ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වුණේ.

මෙහිදී මෙම තරුණයාගේ පියා ද බරපතළ තුවාල ලබා තිබූ අතර, ඔවුන් දෙදෙනාම මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 25 වනදා තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙම සිද්ධියට සැකපිට මීට පෙර කාන්තාවක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
5
+1
13
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?