spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය සේවාව ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට දායක කරගැනීම සියලුදෙනාගේ වගකීමක් – ජනපති

මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30 – 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා පවසන්නේ මෙය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවයි.

ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කරගැනීම සියලු දෙනාගේ වගකීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (22) පස්වරුවේ එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවා.

මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාර්ෂික බඳවා ගැනීම් ඉහළ නංවන ලෙස තමා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ද උපදෙස් දුන් බවත්, එම පුහුණු කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කළයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

හරිත සරසවියේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ අයිතිය ලබා දී තිබෙන බවත් ලයිසියම් කැම්පස් ද එවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

එසේම කෘත්‍රීම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කර ගනිමින් නවීන වෛද්‍ය ක්‍රමයක් පවත්වාගෙන යාම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?