සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ආරම්භ කළ වර්ජනය සම්පූර්ණයෙන්ම අසාධාරණයි – සෞඛ්‍ය ඇමති

දැනෙන සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් ලබා දී තිබිය දීත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද (18) රෝහල්වල දී සිදුකරන වැඩ වර්ජනය කිසිසේත්ම සාධාරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (18) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිදුකරන මෙම වැඩ වර්ජනය සාධාරණ නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

මේ අතර මෙම අසාධාරණ වැඩ වර්ජනයට සම්බන්ධ නොවී තම රාජකාරිය ඉටුකරනු ලබන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් ආරක්ෂා කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම තම වෘත්තියේ පවතිය සත්‍ය ගැටළු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඕනෑම අවස්ථාවක වේලාවක් ලබාදීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

අයවැය මඟින් දීමනා කප්පාදුවට එරෙහිව රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය අද (18) උදෑසන 7.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39