Fly high Get bonus Aviator Phone

සෞඛ්‍ය අමාත්‍යංශයේ ශරීර සුවතා ඒකකය විවෘත කෙරේ

සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේ ස්ථාපිත කරන ලද ශරීර සුවතා ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් විවෘත කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යය මණ්ඩලයේ ශරීර සුවතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර සෞඛ්‍ය අමාත්‍යංශයේ මානව සම්පතෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමිනුයි මෙම ශරීර සුවතා ඒකකය ස්ථාපිත කර ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍යාධාර මත ශරීර සුවතා ඒකකය ස්ථාපිත කර තිබෙනවා.

මෙම ශරීර සුවතා ඒකකය මගින් ශරීර සුවතාවය දියුණු කිරීම, බෝ වන රෝග පාලනය, ආතතිය අවම කර මානසික සුවතාවය දියුණූ කිරීම අපේක්ෂා කෙරෙනවා.

ඉදිරියේ දී මෙවැනි ශරීර සුවතා ඒකක රජයේ රෝහල් තුළ ද ස්ථාපිත කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ වලින් 80% ක් මරණවලට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා හේතු වන බව සොයා ගෙන තිබෙනවා.

වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%ක් දියවැඩියාවෙන් ද, 35%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවයි මෙරට සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත්තේ.

එයට ප්‍රධාන හේතුව වශයෙන් ශරීර සුවතාවය පිළිබද වැඩි උනන්දුවක් නොදැක්වීම බව 2021-2022 සමීක්ෂණ දත්ත මගින් පැහැදිලි කර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?