සෞඛ්‍ය අමාත්‍යංශයේ ශරීර සුවතා ඒකකය විවෘත කෙරේ

සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේ ස්ථාපිත කරන ලද ශරීර සුවතා ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් විවෘත කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යය මණ්ඩලයේ ශරීර සුවතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර සෞඛ්‍ය අමාත්‍යංශයේ මානව සම්පතෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමිනුයි මෙම ශරීර සුවතා ඒකකය ස්ථාපිත කර ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍යාධාර මත ශරීර සුවතා ඒකකය ස්ථාපිත කර තිබෙනවා.

මෙම ශරීර සුවතා ඒකකය මගින් ශරීර සුවතාවය දියුණු කිරීම, බෝ වන රෝග පාලනය, ආතතිය අවම කර මානසික සුවතාවය දියුණූ කිරීම අපේක්ෂා කෙරෙනවා.

ඉදිරියේ දී මෙවැනි ශරීර සුවතා ඒකක රජයේ රෝහල් තුළ ද ස්ථාපිත කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ වලින් 80% ක් මරණවලට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා හේතු වන බව සොයා ගෙන තිබෙනවා.

වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%ක් දියවැඩියාවෙන් ද, 35%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවයි මෙරට සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත්තේ.

එයට ප්‍රධාන හේතුව වශයෙන් ශරීර සුවතාවය පිළිබද වැඩි උනන්දුවක් නොදැක්වීම බව 2021-2022 සමීක්ෂණ දත්ත මගින් පැහැදිලි කර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14