සුබසාධක ප්‍රතිලාභ සෘජුවම බැංකු ගිණුමට

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

මෙම පියවර ගෙන ඇත්තේ සුබසාධක ප්‍රතිලාභ ලබන අයවලුන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?