සුපිරි වෙළඳසැලේ ප්‍රහාරය ගැන තොරතුරු රැසක් එළියට – කාන්තාවටත් පෙර වැරදි රැසක් (වීඩියෝ)

බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ කාන්තාවකට සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

මේ සම්බන්ධයන් වන පැමිණිල්ලක් ඊයේ (23) දිනයේ දී පොලීසියට ලැබීමෙන් අනතුරුව පුද්ගලයින් හත්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සුපිරි වෙළඳසැලේ සේවය කළ කාන්තාවන් සිව්දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් බවයි වාර්තා වුණේ.

මේ අතර පහරකෑමට ලක් වූ කාන්තාව මීට පෙර සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තැනැත්තියක් බව වැඩිදුටත් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම කාන්තාව අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති තැනැත්තියක් බවට ද හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසුවා.

අදාළ කාන්තාව බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලෙන් සොරකමක් සිදුකිරීමට ගොස් හසුවීමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
12
+1
91
+1
11
+1
5
+1
14
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
00:00
Video thumbnail
හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා කොටුවෙයි
01:25
Video thumbnail
ජාත්‍යන්තර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් ළඟදීම ලංකාවේ
03:03
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14