සුද්දට ක්‍රිකට් අමතක කළ ශ්‍රී ලංකා පන්දු බලඇණිය

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 25 වැනි තරගයට පළමු ව පිතිකරණයෙන් එක් වූ එංගලන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 157ක ඉලක්කයක් හිමි වුණා.

තරගය අද පස්වරු 02ට ආරම්භ වූයේ බැංග්ලෝර් හි දීයි.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජොස් බට්ලර් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ප්‍රතිවාදී ශ්‍රී ලංකාවට එරෙහි ව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට යැයි සිතා පිටියට ආ එංගලන්ත ඉනිමෙහි මුල් කඩුලු 05 ලකුණු 100ක් තුළ දවාගන්නටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ.

බෙන් ස්ටොක්ස් හැර වෙනත් ප්‍රබල කිසිදු එංගලන්ත පිතිකරුවෙකුට අද දින එතරම් සුබ වුණේ නම් නැහැ.

ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 30ක් ද ඩේවිඩ් මලාන් ලකුණු 28ක් ද රැස් කළා.

ඉන් අනතුරුව යම් තාක් දුරකට හෝ ස්ටොක්ස්ට හයියක් වීමට හැකි වූයේ මොඑන් අලීට පමණි.

අලී ලකුණු 15කට දැවී ගියා.

ඒ අනුව එංගලන්ත ලකුණු පුවරුව මහත් අසීරුවෙන් ඉහළට ඔසවා තැබීමට ස්ටොක්ස් පන්දු 72කට ලබාගත් ලකුණු 43ට යම් තාක් දුරකට හැකි වුණා.

ස්ටොක්ස් ව ඔහුගෙ අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියේ දවා ගැනීමට සමත් වූයේ ළහිරු කුමාර විසින්.

කඩුලු බිඳ හෙලීමේ දී මෙවර එක්දින ලෝක කුසලාන සංචිතයටවත් එක් කර නොතිබූ ඇන්ජිලෝ මැතිව්ස් විශේෂ දායකත්වයක් ලබා දුන්නා.

ප්‍රබල මෙන් ම මුල් පෙළ පිතිකරුවෙකු වන ඩේවිඩ් මලාන් ව සහ අලීගේ කඩුලු ද්විත්වය ම හිමිකරගත්තේ මැතිව්ස් විසින්.

අද තරගයේ වැඩිම කඩුලුලාභියා වූයේ ළහිරු කුමාර යි.

කසුන් රාජිතට කඩුලු 02ක් සහ මහීෂ් තීක්ෂණට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

අද තරගය ජය ගැනීම අතිශය තීරණාත්මක වනු ඇති.

ඒ මේ වනවිට අද තරගයත් සමග තරග 05කට එක්ව ඇති ශ්‍රී ලංකාව තරග 04ක් ක්‍රීඩා කර, එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර තිබීමයි.

ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

එංගලන්තය තරග 05කට ක්‍රීඩා කර ඉන් තරග එකක් පමණක් ජයග්‍රහණය කර 8 වැනි ස්ථානයේ පසුවනවා.

එබැවින් මෙම තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක වනු ඇති.

පන්දුවාර 50 අවසන් වීමට පෙර පන්දුවාර 33ක් නිමා වීමටත් පෙර එංගලන්ත ඉනිම අවසන් වීම ද විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය එංගලන්තය පරදවා ජය ගැනීමට නම්; පන්දු 300ක දී කඩුලු 10ක් තුළ ලකුණු 157ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44