පාසල් සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට සැකපිට අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ විදුහලක ගණිත ගුරුවරයෙක් අද (07) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මව්පියන්ගෙන් ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බවයි අරලගංවිල පොලිසිය සඳහන් කළේ.
සැකකාර ගුරුවරයා පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුවියන් අටදෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට ලක්කර ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසි වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකාර ගණිත ගුරුවරයා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
2
+1
1
+1
1