සිසුවියක් අපයෝජනය කළ ස්වෙච්ඡා ගුරාට වසර 12ක සිර දඩුවම්

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කළ ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය නියෝග කර තිබෙනවා.

මෙසේ බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලැබුවේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් යන අයෙක්.

චුදිත 2010.01.01 – 2010.01.31 අතර දිනයක 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණා.

මහාධිකරණ විනිසුරුවරයා චුදිතට රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලය තවත් මාස තුනක් දක්වා දිර්ඝ කිරිමටත්, වින්දිතියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක කාලයක් සිර දඩුවම් ලබාදිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවංගත තම පියාට පුෂ්පෝපාහාර දැක්වීමට සජිත් ප්‍රේමදාස එයි..එජාප නවීන් ඇතුළු සෙට් එකක් ඇවිත්
04:00
Video thumbnail
කම්කරු දිනයේ වඩිවේල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජනපති රතු ෂර්ට් එකකුත් දාගෙන ගැම්මෙන් නුවරඑළියට ආ හැටි
01:25
Video thumbnail
දිලිත්ගේ මැයි රැළියට ජන ගඟක් ගලාගෙන එන හැටි
01:50
Video thumbnail
හිටපු ජනපති මහින්දයි පුතයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39