සිවිල් ඉංජිනේරුවෙකු පැදවූ කැබ් රථයක් යතුරුපැදියක ගැටී ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට

සිවිල් ඉංජිනේරුවෙකු පැද වූ කැබ් රථයක් පිළියන්දල, ජාලියගොඩ, කැස්බෑව අතුරු මාර්ගයේ දී යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි වියේ පසුවූ යතුරුපැදියේ ගමන් ගත් ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් පසු කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සිවිල් ඉංජිනේරුවරයා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරු මාර්ගය හරහා යතුරුපැදිය ප්‍රධාන මාර්ගයට යොමු කිරීමේ දී කොළඹ දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය ව්‍යාපාරිකයා බිත්තර තොගයක් පිළියන්දල ප්‍රදේශයේ වෙළඳසැල්වලට දමා නැවත නිවස කරා යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සිවිල් ඉංජිනේරුවරයා කැස්බෑව අධිකරණය වෙත අද (05) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?