සිවිල් ඉංජිනේරුවෙකු පැදවූ කැබ් රථයක් යතුරුපැදියක ගැටී ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට

සිවිල් ඉංජිනේරුවෙකු පැද වූ කැබ් රථයක් පිළියන්දල, ජාලියගොඩ, කැස්බෑව අතුරු මාර්ගයේ දී යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි වියේ පසුවූ යතුරුපැදියේ ගමන් ගත් ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් පසු කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සිවිල් ඉංජිනේරුවරයා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරු මාර්ගය හරහා යතුරුපැදිය ප්‍රධාන මාර්ගයට යොමු කිරීමේ දී කොළඹ දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය ව්‍යාපාරිකයා බිත්තර තොගයක් පිළියන්දල ප්‍රදේශයේ වෙළඳසැල්වලට දමා නැවත නිවස කරා යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සිවිල් ඉංජිනේරුවරයා කැස්බෑව අධිකරණය වෙත අද (05) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52