සිරිනිවාස හිමියන් පරිහරණය කළ කෝටි 11 ක වාහන ගැටලුව අධිකරණයේදී විසඳෙයි

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමින් යුත් අධි සුඛෝපභෝගි වාහන හතරක් වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසට අනුරාධපුර දිසා අධිකරණය ඊයේ නියෝග කරනු ලැබුවා.

සිරිනිවාස නා හිමියන් වාහන 04 ක් භාවිත කර ඇති අතර එයින් ජීප් රථයක, මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසට නියෝග කළ අධිකරණය තවත් ජීප් රථයක අයිතිය අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසට නියෝග කළා.

අදාළ වාහන හතරෙහි අයිතිය සම්බන්ධයෙන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවති නඩුව සමථයට පත් කර ගැනීමට මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් ඇති කර ගත් සමථ එකඟතාවයක් සළකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය ලබා දී තිබුණේ.

අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු විසින් පවරා තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්, අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධි බෝමළුව විහාරවාසී පූජ්‍ය කැකිරාවේ ඤාණසිරි හිමියන් සහ අනුරාධපුර ථූපරාමාධිකාරි පූජ්‍ය කහල්ලේ ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාව නම් කර තිබුණා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
3
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
4
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?