තණමල්විල, ඉදුණිල්පුර, සූරියආර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද, ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අදාළ සිසුවා ලණුවක් ආධාරයෙන් සියඹලා ගසක එල්ලී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර, ගසේ එල්ලෙමින් තිබූ ඔහුගේ සිරුර තණමල්විල පොලිසිය විසින් සොයාගත් බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 13ක පාසල් සිසුවෙක් බව සඳහන්.
මෙම සිසුවා මෙලෙස සියදිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර, තණමල්විල මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
13
21
7
9
273
48
21