ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල ශතකය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද (25) සමත් වුණා.
දිමුත් මෙම ශතකය වාර්තා කළේ පන්දු 100ක් පමණක් වැය කරමින්.
එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයේ දී දිමුත් මෙම ශතකය වාර්තා කළා.
පන්දු 103කට මුහුණ දී හතරේ පහර 08ක් සමඟින් ලකුණු 103ක් රැස්කරගෙන සිටි දිමුත් ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස මාර්ක් ඇඩෙයාර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1