spot_imgspot_img

සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා යයි

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත ගාල්ල බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටි සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පළා ගොස් තිබෙනවා.

මෙලෙස පළා ගොස් ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ගාල්ල ආරච්චිගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 28 හැවිරිදි අයෙක්.

වරෙන්තු 9ක් ලබා සිටි මෙම සැකකරු ගෙවල් පහක් බිඳ දේපළ සොකරම් කිරිම සම්බන්ධයෙන් අක්මිමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන 16 වනදා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ.

සැකකරු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කර තිබුණා.

මේ අතර සැකකරුට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටු‍වට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා නැවත බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටියදී කලේගාන ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයේ වේගය අඩු කරන ලද අවස්ථාවක නිලධාරියෙකු ද තල්ලු කර බිමට පැන පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර නිලධාරීන් සහ ගාල්ල පොලිසිය එක්ව සැකකරු සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?