සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා යයි

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත ගාල්ල බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටි සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පළා ගොස් තිබෙනවා.

මෙලෙස පළා ගොස් ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ගාල්ල ආරච්චිගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 28 හැවිරිදි අයෙක්.

වරෙන්තු 9ක් ලබා සිටි මෙම සැකකරු ගෙවල් පහක් බිඳ දේපළ සොකරම් කිරිම සම්බන්ධයෙන් අක්මිමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන 16 වනදා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ.

සැකකරු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කර තිබුණා.

මේ අතර සැකකරුට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටු‍වට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා නැවත බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටියදී කලේගාන ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයේ වේගය අඩු කරන ලද අවස්ථාවක නිලධාරියෙකු ද තල්ලු කර බිමට පැන පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර නිලධාරීන් සහ ගාල්ල පොලිසිය එක්ව සැකකරු සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආරක්ෂකයින් පිරිවරාගෙන සජිත් උද්ඝෝෂණයෙන් පිටව ගිය හැටි - පොරකකා සජිත් එක්ක Selfie ගහයි
01:54
Video thumbnail
මහ සෙනඟ මැද සජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - අනුරව අපි ජන බලයෙන් ගෙදර යවනවමයි
10:43
Video thumbnail
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..සජබය දෙවනත් කරයි - සෙනඟ මැදින් සජිත් එයි
02:40
Video thumbnail
සෙනඟ මැදින්, ප්‍රියංකරට සමුදෙන්න ආ විපක්ෂ නායක සජිත් - මගේ තාත්තාට උපරිම සහයෝගය දුන්නා
03:06
Video thumbnail
සලේගේ නඩුව ගැන රොහාන් ද සිල්වා පියතුමා හෙළිකළ දේ - අපිට සැකයි හිතාමතා පරක්කු කරනවද කියලා
04:41
Video thumbnail
නීතිඥයින් අටමස්ථානාධිපති බැහැ දකින්න යයි - අපි නීතීඥවරු හැටියට නීතියට ගරු කරනවා
13:10
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42