සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද – අද දිනයේ නැවතුම තෝලංගමුව ජාතික පාසල

සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සාම පාද යාත්‍රාව අද (25) දිනයේ තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් සාම පා ගමන පසුගිය 22 වනදා දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළා.

මෙම සාම පාද යාත්‍රාවේ තුන්වන දිනය වූ ඊයේ (24) දිනයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවෙන් ගමන් ආරම්භ කර, මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරය වෙත පැමිණියා.

සාම පාද යාත්‍රාවේ රාජ්‍ය උත්සවය ලබන 28 වනදා පස්වරුවේ නිදහස් චතුරස්‍රෙය් දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !