AFC Banner
AFC Banner
Empty Ad

සර්වජන බලය පක්ෂයෙන් දිලිත් ගම්පහට

මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය තෝරාගෙන තිබෙනවා.

ඊට අදාළ නාමයෝජනා සඳහා අත්සන් තැබීම අද (10) දහවල් සිදු කෙරුණා.

මහ මැතිවරණය සඳහා පදක්කම ලකුණෙන් තම පක්ෂය ඉදිරිපත් වන බවටයි දිලිත් ජයවීර මහතා පැවසුවේ.

සර්වජන බලය පක්ෂයේ දිස්ත්‍රික් කිහිපයක නාම යෝජනා අත්සන් කිරීම බොරැල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවුණා.

මෙම අවස්ථාවට පක්ෂයේ නායක දිලිත් ජයවීර, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?