Empty Ad
AFC Banner
Empty Ad

සජබ සමග දීග යන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් (වීඩියෝ)

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අද (20) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදියි.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණා.

එහිදී සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමග ද එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේ සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත් තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?