AFC Banner
AFC Banner
Empty Ad

සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමේ ඉදිරි කටයුතු අධිකරණ තීන්දුව අනුව

අධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමට ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවනවා.

අමාත්‍යවරයා පවසන්නේ සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාගවීම හේතුවෙන් අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දිවිසවිය වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස පළ කළා.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට 2023 මාර්තු මස තරඟ විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවත්, එහිදී අධිකරණය විසින් පැනවූ අතුරු තහනම් නියෝගය හේතු කොට ගෙන පැවැත්වීමට නියමිතව තිබූ විභාගය අත්හිටවනු ලැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවර්ධන නිලධාරීන්හට අසාධාරණයක් වී ඇති බව පවසමින් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණය කරනවාට වඩා විවිධ හේතු මත පදනම්ව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති සංවර්ධන නිලධාරීන් මෙම පෙත්සම් ඉවත් කර ගන්නේ නම් එම නඩුව අවසන්වන බවත්, ඊළඟ සති දෙක තුන තුළ ඉදිරි කටයුතු සිදුකර ගත හැකි බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?